Monday, January 13, 2014

සිරිපා කරුණාව

මෙදා පාර සිරිපා කරුණා කරද්දී ඇහුන කවි ටිකක් කොටා දාන්න හිතුනා.

අග්ගල කං - ඩෝං පුතා
හෙලේ නගිං - ඩෝං පුතා
නඩේ ගුරා - හරිම හොරා
අග්ගල ටික - හොරා කාල

වයි වයි වයි කරුණාවයි
ටයි ටයි ටයි දෙවි පිහිටයි

කිරි කෝඩුත් වන්දවන්න
දඬු කෝඩුත් වන්දවන්න
අලුත් ජෝඩු එක්  කරන්න
පරණ ජෝඩු විසි කරන්න

වඳින්න යන මේ නඩේට - සුමන සමන් දෙවි පිහිටයි
වැඳල බහින මේ නඩේට - සම්මා සම්බුදු සරණයි
එහෙම කියුව ඒ අයියට - පහළ කඩෙන් ප්ලේන්ටියයි

ඉස්සර මිනිස්සු තුන් සරණේ කවි කිව්වේ තමන්ගේ විඩාව නිවා ගන්න සහ ශ්‍රද්ධාව නිසයි. අලුතින් වෙනස් කරපු කවි කෙනෙක්ට වැරදියට පේන්නත් පුළුවන් උනත් ඉතින් මේවා ඇහුවමත් ගමන් මහන්සිය නම් නැති වෙනවා නේද  :)


Friday, January 10, 2014

හිච්චි එකී කාලේ

කූඹිච්චි පහ වසරට වෙනකල් ගියේ ගමේ ඉස්කෝලෙට.ඒ කාලේ කූඹිච්චිගේ යාළුවො උනේ දිලිනියි, චන්ද්‍රායි ගයාත්‍රියි.එයාලගෙන් දිලිනිගෙයි, චන්ද්‍රාගෙයි ගෙවල් තිබුනෙත් කූඹිච්චිගෙ ගෙදරට යන පාරෙමයිඒ කාලේ උදේට තාත්තා ඉස්කෝලේ ලඟට ගිහින් බැස්සුවට හවසට ගෙදර ආවේ යාළුවො කට්ටියත් එක්ක පයින් තමයිඒ එද්දී අපි එන්නේ ප්‍රධාන පාරෙන් නෙවෙයි. ගම්මැද්ද පාර කියලා තිබුනා රවී අයියගේ පාරජම්බුල බැලුම් වලින් වහන් වෙලා කරදරයක් නැතුව ටිකක් ගස් කොලන් මැදින් එන්න පුළුවන් පොඩි පාරක්පාර දෙපැත්තේ තියන වෙරළුලොවිකිරිල්ල බිං පොල් විතරක් නෙවෙයි ගඳපාන ගෙඩි වලිනුත් බඩ පුරෝගෙනයි අපි ගෙදර එන්නේඒ අතරෙන් ලොවි කඩා ගත්තේ නම් ටිකක් අමාරුවෙන්. ලොවි ගහ තිබුනේ චන්ද්‍රලගේ ගෙවල් කිට්ටුවඒ ගෙදර ටිකක් සැර ආච්චි කෙනෙක් හිටියා. ඉතින් එක්කෙනෙක් ඔත්තු බලන අතරේ තමයි අනිත් දෙන්නා ලොවි කැඩුවේ:ph34r:

මේ කාලේ වගේම ඉස්සරත් අපි ආසම විෂය උනේ ඉංගිරිසියටීචර් ඉංගිරිසි උගන්නද්දී අපි හතර දෙනා පන්තියේ අන්තිම පේලියට වෙලා සබීතාමාලනී සෙල්ලම දානවා. සබීතාමාලනී සෙල්ලම කිව්වේ අර තුන්ඩු වල නම් ලියලා එක ජාතියෙන් තුන්ඩු තුනක් සෙට් වෙනකල් මාරු කර ගන්න සෙල්ලම. එහෙම නැත්නම් පැන්සල් රෝල් කරනවා.ඔන්න ඔහොමයි අපි ඉංගිරිසි ඉගෙන ගත්තේ:rolleyes:

ඒ කාලේ උදේ රැස්වීමේදී අපේ පන්තියේ ගෑල්ළමයෙක් නට නටා කියන සින්දුවක් මට තාම මතකයි.
Posted Image
"කුඩා බාගේ අරන් කඳු පාර උඩින් කපු මාම අපේ ගෙට එනවා
ලොකු නැන්ද පාන්දර බැද්ද කැවුම් පෙති රහද සැකක් මතු වෙනවා 
නන නනනන නන - නන නනනන නන - නන නනනන නනන නනා"

අනේ මන්දා මුන් පොඩි කමට කියන සින්දු, පහේ සිස්සත්තේ කරල වත් නෑ එතකොට:wub:

ඔන්න ඉතින් සිස්සත්තේ ඉවර වෙලා 6 වසරට වෙලා ඉඳිද්දී නිවාසාන්තර තරඟ තියෙන කාලෙකුත් ආවා. එක දවසක් ඉස්කෝලේ ඇරෙන්න කිට්ටුව නිවාස රැස්වීම් තිබුනා. ගයාත්‍රි නම් දුවන්න ඉන්න නිසා එයා රැස්වීමට ගියා. අපි තුන් දෙනා කම්මැලි කමේ ඇවිද ඇවිද ඉඳිද්දී දැක්ක අයියලා අක්කලා ඉස්කෝලේ කම්බි වැටකින් පැනලා ගෙවල් වල යනවා. 
ගියේ ගෙවල් වලද කියන්න නම් මම හරියටම දන්නේ නෑ ඔන්න. ඉතින් අපි තුන් දෙනාත් බෑග් අරන් ආව ගෙදර යන්න හිතන්. :ph34r:
මම තමයි ඉස්සෙල්ලමපනින්න ගියේපැනපු ගමන් අහු උනේ නැතෑ සිස්ස නායක අයියා කෙනෙකුටබටු ට සයිස් කෙල්ලෙක් කොහොම ආයෙත් අතනින් ඇතුලට පනින්නද? අනේ ඉතින් ආයෙත් පාර දිගේ ඇවිත් ගේට්ටුවෙන්ම ඇතුලට එද්දී අරඅයියාඉන්නවා ගේට්ටුව ලඟට වෙලා. යියන්ඩි සැරෙන් අහපි පන්තිය මොකද්ද කියලාඅනේ බොරුවක් කියන්න හිතන් කිව්වේ නෑ සත්තයි මට පුරුද්දට කියවුනේ 5-B කියලා.
ඊට පස්සේ දවසක උදේ රැස්වීමේදී නියෝජ්‍ය විදුහල්පතිතුමිය කියනවා ඉස්කෝලේ සමහර ළමයි කරන වැඩ නිසා ඉස්කෝලේ නමට වෙන්නේ හරියට කිරි හට්ටියට ගොම බින්දුවක් වැටුනා වගේ දෙයක් කියලාඔන්න ඉතින් දැන් මගේ කකුල් දෙක මැන්ඩලින් ගහනවාඊට පස්සේ පන්තියේ ඉඳිද්දී සිස්ස නායකයෙක් පන්තියට එන එන සැරේට මගේ අතිජාත යාළුවො තුන් දෙනා මාව බය කරනවා මාව ඔපීසියටඅරන් යන්නයි එන්නේ කියලාමගේ පුරුවේ පිනකටද මන්දා එහෙම අකරතැබ්බයක් නම් උනේ නෑඅනේ ඉතින් තේරෙන තරම කියන්නේ ලඟක් වෙනකල්ම මම හිතාගෙන හිටියේ අර ගොම බින්දුව මමයි කියලා:(

ඔන්න ඉතින් කාලය ගෙවිලා ගිහින් සිස්සත්ත ප්‍රතිල එහෙමත් ඇවිත් ඒ ඉස්කෝලෙන් අයින් වෙන කාලෙත් ආවා.දැන් ඉතින් කට්ටිය දිගට හරහට ඔටෝ ලියනවා. මටත් තිබුනා මමම හදා ගත්තු ඔටෝ එකක්. ඒකට බ්‍රවුන් පේපර් කවරෙකුත් දාලා ලංකා බැංකුවෙන් ලැබුණු දින දර්ශනයක හිටපු මුවෝ දෙන්නෙකුගේ පින්තුරෙකුත් අලවලයි තිබුනේඉතින් අපිට කවි සිතුවිලි එහෙම නැති නිසා හැමෝගෙම ඔටෝ වල ලියන්නේ 'ඉගෙනීම කටු අත්තකි - එහි ඵලය මල් අත්තකි', එහෙම නැත්නම් අන්තිම පේලියේ 'සිනි වලට කුඹි වහල මරියෝ මරියෝ - සමරු පොතේ පිටු ඉවරයි චෙරියෝ චෙරියෝවගේ ඒවා.
හැමදාමත් මේවම ලියලා හරි යන්නේ නැති නිසා දවසක් දිලිනි ඔන්න එයාගේ කවුදෝ අක්කා කෙනෙක්ගේ ඔටෝ එකකින් කොපි කරන් ආව ලස්සන නිසඳැස් ටිකක්අපිත් ඉතින් දිගට හරහට අපි ලියපුවා වගේ ඔව්වා කොපි පේස්ට් කරාඑයින් එකක් පටන් අරන් තිබුනේ 'ළයාදර ලසන්තිකියලාවැඩේ කියන්නේ අපි හතර දෙනාටම ඔය වචන දෙකේ තේරුම තේරුනේ නැති එකනේලසන්ති කියන්නේ කාගේ හරි නමක්දෝ කියලත් හිතිලා ආයෙත් ඉතින් වචන දෙකම පටන් ගන්නෙත් එකම අකුරෙන් නිසා මොකක් හරි ලස්සන ආමන්ත්‍රණයක් වෙන්න ඇති කියලා හිතන් ඒක එහෙමම පේස්ට් කරාමෙන්න බොලේ ඊට පස්සේ දවසේ දිලිනි ගම පීරලා හොයන් එනවා ලසන්ති කියන්නේ කවුදෝ අක්කා කෙනෙකුගේ නමක් කියලා:o 


  • 0