Saturday, September 15, 2012

පුංචි පුතේ...

එකෝමත් එක දවසක
පුංචි පැටියෙක්ව බලන්න කොච්චර අසාවෙන් හිටිය උනත්
ඒ ගමන චුට්ටක් පමා කරලා
චුටි පැටියගෙ පුංචියි මාමයි දෙන්නා
බෝධිය ලඟ නැවතුනා,
පැටියා පරිස්සමින් මේ ලෝකෙට ආව සතුටට
බෝධියට පඬුරක් දාලම යන්න ...
එදා බෝධිය ලඟ ලොකු පින්කමක්
පාර දෙපැත්තෙ පහන් දහස් ගණනක්...   
පුතාගේ  පුංචියි මාමයිත් ගොඩක් ආසාවෙන් ඒ පහන් පත්තු කලා
පහන් වලින් ලැබෙන එළිය දිහා බලල සතුටු උනා
චුටි පුතු පැටියා අපේ ජිවිත වලට ගෙනාපු ආලෝකය
ඒ පහන් වල ආලෝකය වගේමයි...
පුතා නිසා ආත්තම්මාගේ සීයගේ මුණේ තියෙන හිනාව දැක්කම
පුතා නොදැනම කොච්චර ලොකු පිනක් කරගන්නවද කියලා හිතෙනවා
හැම දෙයක්ම අද ඊයේ වගේ දැනුනත්
නොදැනීම අවුරුද්දකුත් ගත වෙලා ගිහින්
අපි හැමෝගෙම ජිවිත වලට සතුට ගෙනාපු මගේ චුටි මැණිකට සුභම සුභ උපන්දිනයක් වේවා !!!

4 comments:

  1. පුoචි පුතා කවදාහරි "ලොකු" මිනිහෙක් වෙන්න කියලා මo සුභ පතනවා....... "ලොකු" මිනිහෙක් විතරක්ම නෙවේ "හොද" මිනිහෙකුත් වෙන්න.......

    ReplyDelete
  2. ලොකු වෙන්නෙ නැතුව හැමදාම මෙහෙම හුරතලේට ඉන්නවා නම් හොදයි කියලත් හිතෙනවා වෙලාවකට.
    ඒත් ඉතින් කවද හරි ලොකු වෙන නිසා හොඳ දේවල් පුරුදු කරන්න ඕන දැන්ම ඉදන්ම. පුතා දැනටමත් බුදු හාමුදුරුවෝ දැක්කම වඳිනවා, ගෙදරට කවුරු හරි ඇවිත් යද්දී වඳින්න කිව්වම වඳිනවා... ගොඩක් ආදරේ හිතෙනවා ඒවා දැක්කම...
    ගොඩක්ම ස්තුතියි සුභ පැතුම් වලට :)

    ReplyDelete
  3. පුංචි...
    කාලයක් තිස්සේ පෙරුම් පුරාගෙන ආසාවෙන් බලන් හිටියෙ කවදද මගේ චුටි කොලු පැංචගෙ කටහඬින් මේ වචනෙ අහන්නෙ කියලා..
    මගෙ චුටි පැටියා දන්නෙ නෑ අද පුතාගේ පුංචිට කොච්චර සතුටුද කියලා :) :) :)

    ReplyDelete
  4. සන්‍තෝසයි :ඩී. පරණ මතකයක් නිසා ආවෙ. blog එක follow කරන්න ගැජට් එක දාන්න..

    ReplyDelete