Saturday, September 15, 2012

ආත්තම්මේ ...

කොහොම හිටියද
අවුරුදු දෙකක්ම
ඔබව නොදැක
ඔබේ කට හඬ නොඅස...

ඉස්සර නම් හැමදාමත්
සිකුරාද වෙනකන් ඉන්නේ
ගෙදර දුවන්න ආසාවෙන්
ඔබව බලන්න
ඉගුරු ඉස්කෝතුත් අරන්

ඔබත් බලන් හිටියා
එදාට අපි හැමෝම
ගෙදර එනකන්

ඉස්සර වගේ
නියපොතු ටික කපල දෙන්න
බුලත් කොටලා දෙන්න
පෝයට සිල් ගන්න එක්කන් යන්න
ලැබෙන්නේ නෑ  කවදාවත්

ඔබට කියන්න
අලුත් ආරංචි ගොඩයි
ඒවා ඇහුවනම් ඔබ කියයි
'
අනේ යසයි' කියලා
ඒත් කොහොම කියන්නද
ඔබ ගිහින් යලිත් නොඑන්නම

අනේ ආත්තම්මේ
ආසයි තව එකම සැරයක්
ඔබේ හඬින් අහන්න
'පොඩි දුවේ' කියලා
තරම් ආදරෙන් ...

2 comments:

  1. කෝ අලුතින් මොකුත් ලියල නෑනෙ.. මේකත් මගෙ බ්ලොග් රෝලෙ ආවෙ නෑ..

    ReplyDelete
  2. ඔන්න එකක් ලිව්වා හරියටම අවුරුද්දකට පස්සේ :)

    ReplyDelete