Saturday, September 15, 2012

ආත්තම්මේ ...

කොහොම හිටියද
අවුරුදු දෙකක්ම
ඔබව නොදැක
ඔබේ කට හඬ නොඅස...

ඉස්සර නම් හැමදාමත්
සිකුරාද වෙනකන් ඉන්නේ
ගෙදර දුවන්න ආසාවෙන්
ඔබව බලන්න
ඉගුරු ඉස්කෝතුත් අරන්

ඔබත් බලන් හිටියා
එදාට අපි හැමෝම
ගෙදර එනකන්

ඉස්සර වගේ
නියපොතු ටික කපල දෙන්න
බුලත් කොටලා දෙන්න
පෝයට සිල් ගන්න එක්කන් යන්න
ලැබෙන්නේ නෑ  කවදාවත්

ඔබට කියන්න
අලුත් ආරංචි ගොඩයි
ඒවා ඇහුවනම් ඔබ කියයි
'
අනේ යසයි' කියලා
ඒත් කොහොම කියන්නද
ඔබ ගිහින් යලිත් නොඑන්නම

අනේ ආත්තම්මේ
ආසයි තව එකම සැරයක්
ඔබේ හඬින් අහන්න
'පොඩි දුවේ' කියලා
තරම් ආදරෙන් ...

පුංචි පුතේ...

එකෝමත් එක දවසක
පුංචි පැටියෙක්ව බලන්න කොච්චර අසාවෙන් හිටිය උනත්
ඒ ගමන චුට්ටක් පමා කරලා
චුටි පැටියගෙ පුංචියි මාමයි දෙන්නා
බෝධිය ලඟ නැවතුනා,
පැටියා පරිස්සමින් මේ ලෝකෙට ආව සතුටට
බෝධියට පඬුරක් දාලම යන්න ...
එදා බෝධිය ලඟ ලොකු පින්කමක්
පාර දෙපැත්තෙ පහන් දහස් ගණනක්...   
පුතාගේ  පුංචියි මාමයිත් ගොඩක් ආසාවෙන් ඒ පහන් පත්තු කලා
පහන් වලින් ලැබෙන එළිය දිහා බලල සතුටු උනා
චුටි පුතු පැටියා අපේ ජිවිත වලට ගෙනාපු ආලෝකය
ඒ පහන් වල ආලෝකය වගේමයි...
පුතා නිසා ආත්තම්මාගේ සීයගේ මුණේ තියෙන හිනාව දැක්කම
පුතා නොදැනම කොච්චර ලොකු පිනක් කරගන්නවද කියලා හිතෙනවා
හැම දෙයක්ම අද ඊයේ වගේ දැනුනත්
නොදැනීම අවුරුද්දකුත් ගත වෙලා ගිහින්
අපි හැමෝගෙම ජිවිත වලට සතුට ගෙනාපු මගේ චුටි මැණිකට සුභම සුභ උපන්දිනයක් වේවා !!!

Friday, September 14, 2012

ආසයි ලියන්න

ආසයි ලියන්න
ලස්සනට මොනවහරි
ඒත් මම හිතන්නෙ
කියවන්න කොච්චර ආස උනත්
මගේ ලිවීමේ හැකියාව නම්
අන්තිමම අන්තිමයි !!!